Aboutceylon Online

දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම් – කැළණි ගගේ ජල මට්ටම ඉහලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම නිකුත්කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ

කැළණි ගගේ ජල මට්ටම ඉහලට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට (12) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් (12) දින උදැසන සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඒම නිසා වාන් දොරටු තුන විවෘත කල බවත්, මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග කැණියොන් , ලක්ෂපාන ජලාශවලද වාන් දොරටු විවෘත කර ඇති නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

හැටන්  – රංජිත් රාජපක්ෂ

Scroll to Top