මධ්‍යය කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (12) දින උදැසන සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට (12) දින උදැසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග වැසි ජලය ගලා බසින කානු පද්ධතියක් අවහිර විම නිසා නෝටන්බ්‍රිජ් නගරයේ බස් නැවතුම් පල අවට කොටසක් ජලයෙන් යටවි ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසුවේ.
පවත්නා වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජාලාශය වාන් දැමිමට පටන් ගෙන ඇත.
නෝටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටි ඇති බවත් , කඩා වැටුනු පස් කදු ඉවත් කිරිමට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් කටයුතු කර ඇති බවද නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ