Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අන්තර් පලාත් අතර ධාවනය වන වාහන පොලිසිය දැඩි පරික්ෂාවකට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවධානම මත (10) දින රාත්‍රියේ සිට අන්තර් පලාත් අතර සංචරණ සිමා පැනවිමත් සමග පලාත් මායිම් ආසන්නයේ පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යෙදවා තිබේ.

අන්තර් පලාත් අතර අත්‍යවශ්‍ය රාජකාරි සදහා යන පුදගලයින්ට සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහන වලට පමණක් පලාත් මායිම් අතර වාහන ධාවනයට පොලිසිය විසින් අවසර ලබාදෙන ලදි.

පලාත අතර පෞද්ගලික සහ ලංගම බස් ධාවනය සමාන්‍ය පරිදි සිදු කරන අතර එම බස් රථ වල නිරෝධායන උපදෙස් වලට පටහැනිව මගින් රැගෙන යන බස් රථ පිලිබදව මාර්ග බාධක රාජකාරි කරන පොලිස් නිලධාරින් දැඩි පරික්ෂාවකට ලක් කරනු ලැබුහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top