Aboutceylon Online

මහා බෝධි සංගමය විසින් ආශිර්වාද පූජාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාවේ මහා බෝධි සංගමය විසින් විශේෂ ශ්‍රී ලංකා – ඉන්දියා ආශිර්වාද පූජාවක් 2021 අගෝස්තු 9 වන දින සාරානාත් හි පූජනීය මූලගන්ධකුටි විහාරයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකික ජනතාවගේ නීරෝගීභාවය සහ සුබසිද්ධිය උදෙසා පැවැත්විණ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් අඛණ්ඩ සහයෝගීතාවයක් වෙනුවෙන් ද මෙහිදී ප්‍රාර්ථනා එක් කෙරිණ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා මෙම විශේෂ වැඩසටහනට අතත්‍ය ආකාරයෙන් සහභාගී වූහ. මහා බෝධි සංගමයට සම්බන්ධ බුද්ධ ගයාව, ලුම්බිණි, කල්කටා සහ ලක්නව් වැනි ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන් හි විහාර සහ ආයතන අන්තර්ජාලය ඔස්සේ මෙම ආශිර්වාද පූජාවට එක් විය.

අද හිමිදිරි පාන්දර යෙදී තිබූ විශේෂ සුබ මුහුර්තයක දී අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තිරුමාලා තිරුපති දේවස්ථානම් හිදි වෙන්කටේශ්වර දෙවියන් වෙනුවෙන් තවත් විශේෂ පූජාවක් පැවැත්විණ. අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම කෝවිලේ බැතිමතකු වන අතර එතුමා ඉන්දීය සංචාර කිහිපයක් අතරතුරදී ම මෙම කෝවිල වැඳ පුදා ගෙන ඇත.

ඉන්දියාවේ දෙවන කොවිඩ්-19 රැල්ල අතරතුර දී ශ්‍රී ලංකාවේ විවිධ ආගම්වලට අයත් ජනතාව තම ඉන්දීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජා සහ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණ. එකිනෙකාගේ සුබසිද්ධිය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා එක් කිරීම තුළින් දෙරට ජනතාව අතර පවතින ගැඹුරු සබඳතා සහ ශිෂ්ටාචාරමය බැඳීම් පිළිඹිබු වේ.

ඊයේ දින ඉන්දියාවේ මහත් පූජනීය ස්ථාන දෙකක දී පැවැත්වුණ මෙම විශේෂ ආශිර්වාද පූජාවන් සහ වැඩසටහන් අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය වර්තමාන ධූරයේ වැඩ භාරගෙන වසරක් පිරීම අදට යෙදී තිබීම හේතුවෙන් ද ඉතා සුවිශේෂී වේ.

Scroll to Top