තවත් කොරෝනා මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබ තිබේ.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,340 ක් දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 79 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 39 දෙනා කාන්තාවන් ය.
මිය ගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය ඉතිරි පුද්ගලයින් 101 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන් ය.
තවත් කොරෝනා ආසාදිතයින් 912ක් හඳුනා ගැනීමත් සමග ආසාදිතයින් සංඛ්‍යාව 2,904 දක්වා ඉහළ ගොස් ඇත.
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1213ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ සිට ගතවූ පැය 24 ක කාලය තුල 1213 හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ – 193 ක්, මහර – 152 ක්, අත්තනගල්ල – 140 ක්, ජාඇල – 127 ක්, රාගම – 100 ක්, වත්තල – 67 ක්, දිවුලපිටිය – 58 ක්, කැලණිය – 50 ක්, සීදූව – 37 ක්, දොම්පෙ – 24 ක්, කටාන සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් – 22 දෙනෙකු බැගින්, මීගමුව – 10 ක් සහ මීරිගම – 9 දෙනෙකු වශයෙන් සිදුව ඇත.