නුවරඑලිය නානුඔය පැරකුම්පුර ගම්මානයට පිවිසෙන කිලෝමිටර් 08 කින් යුක්ත ප්‍රධාන මාර්ගය වසර 28 කින් ප්‍රතිසංස්කරණය කිරිම නිසා එම මාර්ගය දැඩිව අබලන් වි තිබිම නිසා තමන් දැඩි විවිධ දුෂ්කරතාවයට පත්ව ඇති බව නානුඔය පැරකුම්පුර ගම්වාසින් පවසයි.
නුවරඑලිය නානුඔය ප්‍රදේශයට වසරේ වැඩි කාලයක් වර්ෂාව ලැබෙන ප්‍රදේශයක් බවත්, එම මාර්ගය වසර 28 ක කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරිම හේතුවෙන් මේ වන විට එම මාර්ගය විශාල වලවල් හැරි තිබිම නිසා නානුඔය පැරකුම්පුර ගම්මානයට පිවිසෙන මාර්ගයේ කිසිදු රථ වාහනයක් ධාවනය නොවන බවයි ගම්වාසින් කියා සිටින්නේ.
නානුඔය පැරකුම්පුර 476 ඩි ග්‍රාමසේවා වසමේ පවුල් 1800 පදිංචි බවත්, එම ගම්මානයට වාහන ධාවනය නොකිරිම නිසා උඩරට දුම්රිය මාර්ගය දිගේ කිලෝමිටර් 4ක දුරක් ගෙවා නානුඔය නගරයට පැමිණ තම දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනිමට සිදු වි ඇති බවයි පැරකුම්පුර ගම්වාසින් කියා සිටින්නේ.
එම ගම්මානයේ පදිංචිකරුවන් මෙන්ම ගැබිණි මව්වරුන්ද පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග අධික ලෙස ලිස්සන සුළු උඩරට දුම්රිය මාර්ගය මතින් ගමන් කර නානුඔය නගරයට පිවිසෙන බවත්, එම මාර්ගය පිලිසකර කර දෙන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරිය කොතෙක් දැනුවත් කලද එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දේශපලන අධිකාරියෙන් හෝ වගකිය යුතු නිලධාරියෙකුගෙන් නොලැබි ඇති බවද නානුඔය පැරකුම්පුර ගම්වාසින් කියා සිටියි.
හැටන් – රංජිත් රාජපක්ෂ