Aboutceylon Online

දෛනික කොරෝනා මරණ 100 ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා අද වාර්තා විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබේ.

මෙය, එක් වරකදී මෙරට තහවුරු කරන ලද වැඩිම මරණ ගණන වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 56 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 55 දෙනා කාන්තාවන් ය.

මිය ගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 21 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය ඉතිරි පුද්ගලයින් 90 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන් ය.

ආසාදිතයන් 2,938 ක්

 

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1,010 දෙනකු ඊයේ (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 2,938 කි

මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,32,932 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Scroll to Top