Aboutceylon Online

අයහපත් කාලගුණයයි අධික වේගයයි නිසා ටිපර් යතුරුපැදි ගැටෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධික වේගයෙන් ධාවනය වු ටිපර් රථයකට යතුරුපැදියක් ගැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත (09) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

(09) දින උදැසන 11 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.

ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු යතුරුපැදිය හැටන් සිට වටවල දක්වා ධාවනය වු ටිපර් රථයේ ගැටි යතුරුපැදිය ඉදිරියට ඇදි ගොස් යතුරුපැදිය පසුපසින් එම දිශාවලටම ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු වැන් රථයක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

අනතුරෙන් ටිපර් රථයේ රියදුරාද තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවත්, යතුරුපැදිය ගැටුණු වැන් රථය ගිනිගත්හේන ප්‍රදේශයේ රියදුරු පාසලක වැන් රථයක් බවත්, අනතුර සිදු වන අවස්තාවේ වැන් රථය තුල නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයාද සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරට පත් ටිපර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්,පවතින අයහපත් කාලගුණයත් සමග ටිපර් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ටිපර් රථයට , යතුරුපැදියට සහ වැන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

හැටන්  – රංජිත් රාජපක්ෂ

Scroll to Top