Aboutceylon Online

කොවිඩ් වාට්ටුවල ඇදන් ධාරිතාව ඉක්මවා යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දික්ඔය මුලික රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇදන් ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් රෝගින් එම වාට්ටු වල පුටුමත සහ බිම වැතිරි සිටින බව එම රෝහලේ වෛද්‍යවරුන් පවසයි.

දික්ඔය මුලික රෝහලට දිනපතා කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් විශාල පිරිසක් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන බවත්, බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් අහඹු ලෙස සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදිද  දිනකට විශාල පිරිසක් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් බවට පත්වන නිසා රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇදන් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි එම වෛද්‍යවරුන් කියා සිටින්නේ.

දික්ඔය මුලික රෝහලේ කොවිඩ් 19 වාට්ටුවල ඇදන් ධාරිතාව 50ක් වන නිසා මෙම තත්ත්වය උද්ගත වි ඇති බවත්, වෛරසය අසාදනය වු අසාධ්‍ය රෝගින් සහ සමාන්‍ය රෝගින්ට එකම වාට්ටුවක් තුල ප්‍රතිකාර ලබාදිමට සිදු වි ඇති බවට වෛද්‍යවරුන් කියා සිටින්නේ.

අහඹු ලෙස රෝහල තුල සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි හදුනාගන්නා අසාදිතයන් පවත්නා තත්ත්වය මත නිවාස කරා යොමු කිරිමට සිදු වි ඇති බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියි.

දික්ඔය මුලික රෝහලේ කොවිඩ් වාට්ටුවලට අමතරව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ සහ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කලද එම ප්‍රතිසංස්කරණ කටයුතු මන්දගාමි ලෙස සිදු වන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටින්නේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top