Aboutceylon Online

දරුවන්ට අනතුරු අඟවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

කොවිඩ් -19 ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බව  මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේය.

දරුවන් මේ දිනවල සමාජයට රැගෙන නොයන ලෙස දෙමව්පියන්ට දැනුම්දෙන වෛද්‍යවරයා ප්‍රකාශ කළේ දෙමව්පියන් අනවශ්‍ය බියක් ඇතිකර නොගෙන රෝගී දරුවන් සම්බන්ධයෙන් සායනික කටයුතුවලට සහභාගි විය යුතු බවය.

මේ අතර අවුරුදු දෙකට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් රෝග ලක්ෂණ නොමැති නම් නිවසේ දීම රැකබලාගත යුතු බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

Scroll to Top