ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම – 223 ක්, මහර – 202 ක්, වත්තල – 181 ක්, ගම්පහ – 151 ක්, අත්තනගල්ල – 140 ක්, මීරිගම – 131 ක්, මිනුවන්ගොඩ – 128 ක්, දොම්පෙ – 122 ක්, ජාඇල – 113 ක්, කැලණිය – 97 ක්, දිවුලපිටිය – 93 ක්, මීගමුව – 56 ක්, රාගම – 48 ක්, සීදූව – 40 ක් සහ කටාන – 35 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 78 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් – 51 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 22 ක් වශයෙන් හමුව ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.
තවත් කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ 98ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ් අතර කාන්තාවන් 44 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 54 දෙනෙකුද සිටි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 70 දෙනෙකු සිටි බව වාර්තා විය.