ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹ ආශ්රිත ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්තව ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.
එහි වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, අහඹු නියැදි යොදා ගෙන සිදුකළ පරීක්ෂණවලදී ඒ බව අනාවරණය වූ බවයි.
ජූලි මාසය පුරා ‘ඩෙල්ටා’ කොවිඩ් වයිරසයේ ක්රමික පැතිරීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදු කළ සාම්පල පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ජූලි මාසයේ 26 වැනිදා සිට 31 වැනිදා දක්වා පී.සී.ආර්. සාම්පල 76ක් කළ පරීක්ෂාවකදී ඩෙල්ටා වයිරසගතවූවන් 57 දෙනකු සොයා ගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 75%කි.
කොළඹ මහනගර සභා සීමාව, බොරලැස්ගමුව හා පොලිස් රෝහලෙන් එම රෝගීන් හමු වී තිබේ. ජූලි මාසයේ පළමු සතියේ පී.සී.ආර්. 31ක් පරීක්ෂා කිරීමේ දී හමු වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හයකි.