Aboutceylon Online

ඇස්ට්‍රසෙනෙකා දෙවන මාත්‍රාව මග හැරුණාද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මෙතෙක් ලබා නොගත් පුද්ගලයින්ට අද (06) දිනයේ ත් එන්නත ලබා ගැනීම සඳහා පහසුකම් සලසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, කොළඹ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එහි දෙවන මාත්‍රාව ලබා ගත හැකි බවයි.

එන්නත් කාඩ් පත , හැඳුනුම්තපත හෝ අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිල්ලක් රැගෙන ආ යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Scroll to Top