Aboutceylon Online

මරණ 74යි – මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා වන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 74 ක් ඊයේ (03) වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4645 ක් වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස  අතරින් 48 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 26 දෙනා කාන්තාවන් ය.

මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ලෙස ඩෙල්ටා පැතිර යමින් ඇතැයි අනුමාන කරන බව , ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය පවසයි.

එහි වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, දැනට පැතිර යමින් ඇති ප්‍රභේදවල ව්‍යාකූලත්වයක් පවතී දැයි සොයා යළි අධ්‍යනයක් ආරම්භ කර ඇති බවයි.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ද ඉතා දැඩි ලෙස ඉහළට

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමගම ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ද ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් අවධාරණය කරන්නේ, මෙම තත්ත්වය හමුවේ එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවට දැනටමත් අප ළඟා වී ඇති බැවින් මෙය තවදුරටත් වර්ධනය වීමේ දැඩි අනතුරක් පවතින බවයි.

Scroll to Top