ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.
තානාපතිවරයා මේ බව දැනුම්දී ඇත්තේ, ජපානය මෙරටට ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය නිල වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාට භාරදෙමිනි.
මෙරට ජනතාවගේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවශ්‍යතාව වෙනුවෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකවම කළ ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා එන්නත් මාත්‍රා මිලියන 1 යි දශම 456 ක තොගය මෙරටට ලබාදීමට තීරණය කළ බව ජපාන තානාපතිවරයා මෙහිදී පවසා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460 ක් මේ වනවිට ලැබී ඇති අතර එය බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20 කදී දෙවන මාත්‍රාව ලෙස ජනතාවට ලබාදීම සිදුවන බවය.
එන්නත් තොගය ලැබී පැය කිහියක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත්, ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම, මෙහෙයවීම හා ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයා, ලෝක සෞඛ්‍ය හා යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.