යුද හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය කර්නල් සවීන් සේමගේ මහතා,
කාඩ්පත නොමැති අයට අපි ඇත්තටම එන්නත ලබාදෙන්න කටයුතු කරනවා ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් කාඩ්පත නැවත නිකුත් කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සිදු කරගන්න සිද්ධ වෙනවා මොකද මේ අවස්ථාවේ ඒ සඳහා පහසුකම් අප මේ ස්ථානයේ සලසන්නේ නැහැ.
පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේදී ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මෙන්ම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සිදු කෙරුණේ ගුවන් හමුදාවේ ද සහයෝගයෙනි.
කඩවත, කිරිල්ලවල මහ විද්‍යාල පරිශ්‍රය වෙතද අද උදෑසන සිට විශාල ජනකායක් තම දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා පැමිණිය ද ඉතා කාර්යක්ෂමව එම කටයුතු සිදු කිරීමට යුද හමුදාව පියවර ගත්තේ ය.
මීගමුව, මාරිස්ටෙලා විද්‍යාලයේ පරිශ්‍රයේදී ද යුද හමුදාව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කළේ ය.
මේ අතර අද (02) සිට ලබන බදාදා දක්වා බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී ද එම එන්නත ලබාගත හැකියි.