තලවකැලේ සෙන් කුම්බස් වතු යායේ සහ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සේවකයින් සහ වතු කම්කරුවන් 75 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව නව අසාදිතයන් 47 දෙනෙකු හදුනාගත් බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
සෙන් කුම්බස් වතු යායේ වතු කම්කරුවන් සිව්දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවිම නිසා එම සේවකයින් සිව්දෙනා ඉකුත් (28) දින රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කල බවත්, එම පරික්ෂණයේදි එම සිව්දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබිම නිසා ඔහුන්ගේ ආශ්‍රිතයන් 75 දෙනෙකු ඉකුත් (30) දින පි.සි.ආර් පරික්ෂාවකට යොමු කිරිමෙන් පසු එම වාර්තාව අනුව නව අසාදිතයන් 43 දෙනෙකු හදුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
අසාදිතයන් සියළු දෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කල බවත්, එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 60 දෙනෙකු ස්වයං නිරෝධානට යොමු කල බවත්,එම පිරිස (02) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ