ඩෙල්ටා ප්ලස් ලෙස හැඳින්වෙන නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
මෙම නව ප්‍රභේදය ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු ලෙස පැතිරයා හැකි අතර සංකූලතා ද ඉහළ මට්ටමක පවතින බවය.
චීනයේ, වූහාන් නගරයෙන් ආරම්භ වී පසුව නැන්ජියෑන් නගරයේ පැතිර ගිය කොවිඩ් වසංගතය මේ වනවිට බීජිං අගනුවර සහ තවත් පළාත් 05 කට ව්‍යාප්ත වී තිබේ.
චීන බලධාරීන් පවසන්නේ, වූහාන් වසංගත තත්ත්වයට පසු වාර්තාවන දරුණුතම වෛරස් ව්‍යාප්තිය මෙය බවය.
ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පැපොල රෝගයේ ව්‍යාප්තියට සමාන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.
ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණය පවා අභිබවා යාමට තරම් ප්‍රබල බව ද සදහන් කරයි.