Aboutceylon Online

තවත් කොරෝනා ආසාදිත මරණ 61ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 61ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (30) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 36 දෙනා කාන්තාවන් වේ.

මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 19 දෙනෙකු සිටින අතර ඉතිරි 42 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය

ලොව කලාප හයෙන්, පහකම පසුගිය සති හතර තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80% කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.

ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වීම හමුවේ ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නගරය දින තුනකට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේ ය.

මේ අතර ඉන්දියාවේ පැතිරයන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 70 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා ක⁣ළේ ය.

Scroll to Top