සිරුරට වැළඳී ඇති දෝෂ ඉවත් කිරීමට යැයි පවසා දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර සිදු කරන ලද කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු අගෝස්තු මස 4 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 50 හැවිරිදි අස්ගිරිය මුදියන්සේලාගේ වණිගරත්න නමැති සැකකරුවෙකි.
පසුගියදා නිවසට ගොස් ඇති සැකකරු නිවසටත් ඇයටත් දෝෂ තිබෙන බවත් ඒවා නැති කිරීමට ශාන්ති කර්මයක් කිරීමට අවශ්‍ය බව පවසා ඇත.
පසුව ඇයට ශාන්ති කර්මය කරන අවස්ථාවේ සැකකරු විසින් තමාට කරන ලද අතවර පිළිබඳව මවට පැවසීමෙන් පසු නිවැසියන් සැකකරු අල්ලා පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දන්වා ඇත. ඒ අනුව පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.