Aboutceylon Online

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පසුගිය එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුලට අදාළ නිර්දේශ උල්ලංඝනය කරමින් කි‍්‍රයා කළ බවට චෝදනා එල්ල වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක කි‍්‍රකට් තරග තහනමක් ද, නිරෝෂන් දික්වැල්ලට වසර 1 1/2 ක කි‍්‍රකට් තරග තහනමක් ද පැනවීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විනය කමිටුව නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් තිදෙනාට ඇමරිකානු ඩොලර් 25000 (ලක්ෂ 50) බැගින් දඩයක් ද නිර්දේශ කිරීමට විනය කමිටුව පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උප නායකව සිටි කුසල් මෙන්ඩිස්, කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පසුගිය ජුනි 27 වැනිදා එංගලන්තයේ වෙස්ටර් ලී ස්ටී‍්‍රට් නුවරදී ජෛව ආරක්ෂිත බුබුල බිඳිමින් නගරයේ සැරිසැරීමේ චෝදනාවට ලක් වූහ.

අදාළ නිර්දේශ මත කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාට වසර දෙකක කාලයක් තුළ කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධ වීමට නොහැකි වනු ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Scroll to Top