සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් සූර්යා ප්‍රභා මණ්ඩලයක් දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි.
‘‘මෙවැනි තත්ත්වයකට අපි කියන්නේ සූර්යා ප්‍රභා මණ්ඩලයක් කියලයි. ජල වාෂ්ප ඉහළ අහසට ගමන් කිරීමේදී අයිස් ස්ඵටික බවට පත්වෙනවා.
අපට පියවි ඇසට නොපෙනුනත් ඉහළ අහසේ ෂඩශ්‍රාකාර තද අයිස් ස්ඵටික අැතිවී තිබෙනවා. සූර්යා ආලෝකය එම අයිස් ස්ඵටිවලට පතිතවීමේදී ආලෝකය පරාවර්ථනයවී විවිධ වර්ණ අපට දැකගැනීමට හැකිවෙනවා.
සූර්යාලෝකය මෙම අයිස් ස්ඵටිකවලට පතිතවීමෙන් සුදුපැහැති ආලෝක වළල්ලක් දැකගැනීමට හැකිවෙනවා. මෙම ආලෝක වළල්ලට සාපේක්ෂව එය මැනගැනීමට දෑත් දිගු කළහොත් එහි වක්‍රය අංශක 22 කින් පමණ පිහිටනවා. එම නිසා අප එයට අංශක විසිදෙකේ ප්‍රභා මණ්ඩලය කියලත් කියනවා.
සාමාන්‍ය යෙන් මෙවැනි සූර්යා ප්‍රභා මණ්ඩල දිස්වීමෙන් අදහස්වනුයේ දකුණු පළාතට ඉදිරියේදී පෑවිල්ලට මුහුණදීමට සිදුවන බවයි.“ යනුවෙන් මහාචාර්යවරයා කීය