කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අසාධාරාණයට පත්වී සිටින බැංකු සහ මූල්‍ය ආයතනය මගින් ණය පහසුකම්, (ලීසිං) කල්බදු සහ මූල්‍ය පහසුකම් ලබාගෙන ඇති විශාල ජනතාවක් මුහුණ පා සිටින තත්වයන් සහ ඒවාට මෙම අවස්ථාවේ තාවකාලික විසදුමක් සහ මින් ඉදිරියට සිදුවිය හැකි අසාධාරණ සම්බන්ධයෙන් ස්ථාවර විසදුම් ලබාගනු වස් පහත සදහන් යෝජනා සහ ඉල්ලීම් ඉදිරිපත් කරන අතර අසරණභාවයට පත්ව සිටින මහජනතාව වෙනුවෙන් පෙනී සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වර්තමානය වන විට ලංකාවේ බහුතරයක් ජනතාව කුමන හෝ ආයතනයකින් ණය පහසුකම් සහ කල්බදු පහසුකම් යටතේ වාහන ගෙන ඇති බවට තොරතුරු ඇති බව කියා සිටිමු.එවන් අවස්ථාවක දී මුලු ලෝකයටම බලපාන පරිදි ඇතිවූ කොවිඞ් තත්වය 2020 වසරේ මුල් කාර්තුවේ සිට ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ අතර එහිදි ලොකුු කුඩා ව්‍යාපාරික හා ව්‍යවසායකයින්ගේ සිට සියලුම ජනතාවට මූල්‍ය කඩාවැටිමක් සහ වසර දෙකකට ආසන්න කාලයක් රට එකතැන නතර වීමක් සිදු වූ බව පැහැදිලිය.
එවන් අවස්ථාවක පහත ක්ෂේත්‍ර කෙරෙහි මෙය සෘජුවම බලපා ඇත
– සංචාරක ක්ෂේත්රය හොටෙල් සහ රෙස්ටුරන්ට්
– අධ්‍යාපන ක්ෂේත්රය පාසල් බස්රථ සහ වෑන් රථ
– ආනයන සහ අපනයන සුලු ව්‍යාපාරිකයන්
– ස්වයං රැකියාකරුවන් කුලී වාහන රථ හිමියන් සහ රියදුරන්
– උපකාරක ගුරුවරු
ආදි මෙකී නොකී සියලු දෙනාටම මෙම තත්වය සෘජුවම බලපෑ ඇත.එනම්
– වාහන අත්පත්කර ගැනීම(සීස් කිරීම)
– දඩ පොලියක් එකතු කිරීම,
– ප්‍රතිව්‍යුහගත කරමින් වාරික මුදල වැඩි කිරීම
– ණය තොරතුරු කාර්යංශයට නම් ඇතුලත් කිරීම (කි‍්‍රබ්)
සහ දඩ පොලියට අමතරව කොරෝනා කාලයට වෙනම පොලියක් ඇතුලත් කිරීම ආදියද වේ.
මෙකී සියල්ලටම විසදුම් සහ යෝජනා වශයෙන් ,
– කොරෝනා කාල වකවානුවේදී ගෙවීම සිදු නොකල වාරික වෙනුවෙන් වෙනම ණය මුදලක් ලබාදීම වැළැක්වීම.
– දඩ පොලිය සහ ණය මුදලට අමතරව පොලියක් එකතු කිරීම වැළැක්වීම.
– සියලුම කොරෝනා කාල වකවානුවේ වාරික අගය වැඩි නොකර වාරික ගණන වැඩි කිරීම.
– තවද නව ණය මුදලක් ලබාදෙමින් සහ/හෝ ණය මුදල ප්රතිව්යහුයගත කරන අවස්තාවක් සිදු කරන්නේනම් දැනට රටෙහි පවතින පොලී අනුපාතය යටතේ නව ණය ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම.
– බලහත්කාරයෙන් වාහන අත්පත්කර ගැනීම වැළැක්වීම.
– වාහන අත්පත්කිරීමේ දී සහ/හෝ ගිවිසුම අවලංගු කළ අවස්ථාවකදී පනත ප්‍රකාරව කටයුතු කළ යුතු බවත් තෙවන පාර්ශවයන් යෙදීම සම්පුර්ණයෙන්ම වැළැක්වීම.
– වාහන අත්පත් කරගැනීමෙන් අනතුරුව නැවත ඉදිරි ගෙවීම් සදහා නඩු පැවරීම වැළැක්වීම.
– මොනයම් ආකාරයකින් හෝ කල්බදු ගිවිසුම ගිවිසුම්කරු විසින් අවලංගු කරන අවස්ථාවකදී ඉදිරියට ගෙවීමට ඇති සියලු වාරික ලබාගැනීම වැළැක්වීම.
– එකම අනුපාතයක් යටතේ රජය සහ පෞද්ගලික සමාගම් විසින් ණය සහ කල්බදු පහසුකම් ලබාදීම.
– යම් අවස්තාවක වාහන අත්පත් කිරීමක් සිදු වූ පසු නැවත විකිණීමක් සිදු කරයිනම් එහිදී ස්වාධින තක්සේරුවක් ලබාගත යුතු බව, නැවත විකිණීමේ දිනය වේලාව අදි සියල්ල බදු ගැණුම්කරුට ලියාපදිංචි තැපෑලෙන් දැනුවත් කළ යුතු වීම සහ එකී විකීණීමේ/වෙන්දේසියේදී බදු ගැණුම්කරුටද ලන්සු තැබිය හැකි වීම.
– සියලුම පුද්ගලික මූල්‍ය ආයතනය නියාමනය කළ යුතු වීමත් රජය සෘජුවම මැදිහත් වීමක් සිදු කළ යුතු වීමත්
– කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය කිරීම
– ණය ආපසු අයකරගැනීමේ පනත සංශෝධනය කිරීම
– ක්ෂද්ර මූල්‍ය පනත දැඩිව කි‍්‍රයාත්මක කිරීම සහ මහ බැංකුව යටතේ ලියාපදිංචි නොවූ කිසිදු ආයතනයකට මූල්‍ය පහසුකම් දෙන මුවාවෙන් මුදල් සූරා කෑම වළක්වා ලීම.
– පරාටේ ක්‍රමය මගින් දේපළ වංචනික ලෙස අත්පත්කරගනිමින් විකීනීම වැළැක්වීම
මීට අමතරව දැනට රක්ෂණ සමගම් සමග මූල්‍ය සමාගම් එකතු වී සිදු කරනු ලබන අයුතු ලාබ ලැබීම සහ පහත අසාධාරණ කොන්දේසි මගින් රක්ෂනාවරණ ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙනී සිටීිම.
– වාහන ලබාගන්නා පුද්ගලයාට කැමති ආයතනයක රක්ෂණය දැමීමට හැකිවීම
– බේරුම්කරණ වගන්තිය අවලංගු කිරීම
– රක්ෂණ ලබාදීම ප්රත්ක්ෂේප කිරීම කිරීමේ දී දෙපර්ශවයට කැමති අධිකරණමය කි‍්‍රයාදාමයකට යොමු විය හැකි පරිදි වගන්ති ඇතුළත් කිරීමට රජය මගිින් මැදිහත් වී නෛතික අණපනත් සෑදීම.
ඉහත කරුණු සෘජුවම පුඵල්ව සාකච්ඡා කළ යුතු බවත් මේ සම්බන්ධවය යම් හඩක් නැගීමට හැකියාවක් ඇත්තේ නම පනත් වල සංශෝධනයන් විය යුතු ආකාරය සහ පනත්වල ඇති අඩුලුහුඩුකම් එයට අපගේ යෝජනා සම්බන්ධව වෙනම වාර්තාවක් ලබාදිය හැකි වේ.
ප්‍රධාන අනුශාසක
පූජ්‍ය අක්මීමන දයාරතන හිමි
ලේකම්
කැදවුම්කරු අසංක රුවන් පොතුපිටිය