Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නියෝග කළාය.

එවැනි වෙබ් අඩවි නිර්මාණය කර අන්තර්ජාලය වෙත මුද්‍රා හැරීම්, වෙබ් නාම ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම් සහ සේවා සැපයුම්වල තොරතුරු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට වැඩිදුරටත් නියෝග කළාය.

මෙරට ක්‍රියාත්මක අනර්ථකාරී විවිධ වෙබ් අඩවි මගින් මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජනය සිදුවන බවට අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින්, එම කටයුතු පාලනය කිරීම සහ මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා අධිකරණයට මැදිහත් වන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය කරන බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

දැනට රටේ පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව අධිකරණ බලය උපයෝගී කරගෙන එම නියෝගය කරන බවද මහෙස්ත්‍රාත්වරිය, අවධාරණය කළාය.

Scroll to Top