Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉෂාලිනිගේ මෘත දේහය ගොඩ ගැනිමේ කටයුතු අරඹයි (පින්තූර)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් 16 හැවිරිදි දැරියගේ සිරුර අධිකරණ නියෝග මත ගොඩ ගැනිමේ කටයුතු (30) දින උදැසන 9 ට නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මියගේ සහ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ ආරම්භ කර ඇත.

හැටන් ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භුමියේ මිහිදන් කර තිබු සිරුර මෙසේ ගොඩ ගැනිම සිදු කරනු ලබන්නේ.

නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව  විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ සිරුර ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ,සිරුර ගොඩ ගන්නා අවස්තාවේ මිය ගිය ඉෂාලිනිගේ දෙමව්පියන් පැමිණ සිටිහ.

දේහය ගොඩ ගන්නා අවස්තාව දැක බලා ගැනිමට ඩයගම ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණ සිටියද එම අයට එම ස්ථානයට ළග නොවිමට පොලිසිය කටයුතු කර ඇත.

ගොඩ ගන්නා සිරුර දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top