දරුවන් ඉලක්කකර අශිෂ්ට අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා කාර්යාංශය එක්ව මුල් විශේෂ දත්ත පද්ධතියක් හරහා අන්තර්ජාලයට පිවිස මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම දත්ත පද්ධතිය තවදුරටත් ක්‍රියාත්මක වන අතර දරුවන් ඉලක්කකර අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හරින පරිගණක, ටැබ් යන්ත්‍ර , ජංගම දුරකථන ද හඳුනාගැනීමේ හැකියාව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.