Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ටිලරි 319 ග්‍රාමසේවා කාර්යාලය නව ගොඩනැගිල්ලකට රැගෙන යාමට එරෙහිව එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් (29) දින උද්ඝෝෂණයක නිරත විය.

හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ පොයිස්ටන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරස් කරමින් වතු කම්කරුවන් පිරිස උද්ඝෝෂණයේ නිරත විය.

ටිලරි 319 ග්‍රාමසේවා කාර්යාලය වසර 20 පමණ කාලයක් පොයිස්ටන් වතු යායේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය බවත්, එම කාර්යාලය මේ වන විට හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ටිලරි වත්තේ පිහිටි නව ගොඩනැගිල්ලකට රැගෙන යාම නිසා තමන්ට එම කාර්යලය වෙත යාම දැඩි අපහසු බව පවසමින් වතු කම්කරුවන් පිරිස උද්ඝෝෂණයේ නිරත විය.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ යලිත් ටිලරි 319 ග්‍රාමසේවා කාර්යාලය පොයිස්ටන් වත්තේම පවත්වාගෙන යන ලෙසයි.

උද්ඝෝෂකයන් හමුවට පැමිණි නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාමසේවා නිලධාරිවරයා සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව ඒ පිලිබදව නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් හමුවේ කියා සිටිහ.

මේ පිලිබදව අප ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාමසේවා නිලධාරි නවරත්න බණ්ඩා මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ 319 ග්‍රමාසේවා නිලධාරි කාර්යාලය කලින් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ ප්‍රමාණවත් පහසුකම් නොමැති විම නිසා තම කර්යාලයේ අනුමැතිය ඇතිව එම වසමේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් එම කාර්යාලය සියළු පහසුකම් සහිත ටිලරි වතු යායේ නව ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවයි.

එම කාර්යාලය පිවිසි ස්ථානයට පහසුවෙන්ම එම වසමේ ජනතාවට පැමිණිමට පහසුකම් ඇති බවද පරිපාලන ග්‍රාමසේවා නිලධාරිවරයා වැඩි දුරටත් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top