Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රජය ඩෝලර් බිලියනයක ණය වාරිකයක් ගෙවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රජය ගත් විදේශ ණය සඳහා ගෙවීමට තිබූ ඩෝලර් බිලියනයක ණය වාරිකය ගෙවා දමා ඇත.

ඊයේ (27) දිනයේ දී කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ආපසු ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඊයේ (2021 ජුලි 27) දින ISB ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත් වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත පූරණය කිරීමට ඉඩ සැලසීම සැලකිල්ලට ගත යුතු කරුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

මේ අතර මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

Scroll to Top