Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක ඔලිම්පික් ඉතිහාසයේ වාර්තා පොත්වලට ගිය ශ්‍රී ලංකාවේ කරුණානන්ද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්යන්තර ඔලිම්පික් තරගාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.
තම රටට ඔලිම්පික් පදක්කමක් දිනාදීම සදහා ඔහු සිය උපරිමයෙන් උත්සාහ කලේය. නරඹන්නන් ගේ උසුලු විසුලු මැද තරගය පුරාම ඒ සදහා ඔහු ගත් වෙහෙස කැපී පෙනුනි. අවසානයේ ඔහු සටන ජය ගත්තේය.
අවසානයේ ඔහු තරගය නිමා කලේය. තරගය නරඹන්නන් තම ආසන වලින් නැගිට ඔහුට ආචාර කලේය. 1964 ඔලිම්පික් තරගාවලියේදී නරඹන්නන් ගෙන් එවැනි ප්රතිචාරයක් වෙන කිසිම ක්රීඩකයෙකුට ලැබුනේ නැත.
මේ 1964 වසරයි. මද සෙම්ප්රතිශ්යා ගතියකින් පෙලුනු කරුණානන් ද මීටර් 10000 තරගය සදහා සහභාගී වුනේ දුර්වල වූ ශරීර ශක්තියකින් යුතුවය. තරගය ප්රථමයෙන් නිමා කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් තරගය නිමා කරන විට කරුණානන්ද ඔහු හා එක පෙලට තරග කරමින් සිටියේය. එයට හේතු වූයේ ඒ වන විටත් කරුණානන්ද වට හතරක් පසු පසින් අවසානයට තරග වදිමින් සිටීමයි…
ප්රථම දෙවණ හා තෙවන තරග කරුවන් තරගය නිමා කල විට සෙසු බොහෝ ක්රීඩකයන් තරගයෙන් ඉවත් වූහ. කරුණානන්දටද ඕනෑම මොහොතක තරගයෙන් ඉවත් වීමේ හැකියාව තිබුනි. නමුත් ඔහු එසේ කලේ නැත,දිගටම ධාවනයේ යෙදුනි. තරග නරඹන්නන් විශ්මයට පත් වුනි.
ඔහු එක වටයක් නිමා කරන විට නරඹන්නන් ඔහුට උසුලු විසුලු කලේය. මුලු ක්රීඩාංගනය පුරා සරදම් සිනා හඩ පැතුරුනි…
නමුත් කරුණානන්ද නිහඩව ධාවනයේ යෙදුනි. දෙවණ වටය අවසන් කරන විට නරඹන්නන් නිහඩ විය.
තෙවන වටය අවසන් වන විට ඔහු වෙනුවෙන් ප්රීති ඝෝශා නැගුනි. කරුණානන්ද තරගය නිමා කරන විට සියලුම නරඹන්නන් තම අසුන් වලින් නැගිට අචාර කල අතර තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන් ගේ දෙනෙත් කදුලින් තෙත් විය.
එම තරගය ජයග්රහනය කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් පසුව පැවසුවේ තරගයේ රන් පදක්කමට නියම සුදුස්සා කරුණානන්ද බවයි.
තරගය නිම වී දින ගණනක් ගත වූවත් කරුණානන්ද පිලිබද මහත් පැහැදීමකින් පසු වූ ජපන් ජනතාවගෙන් ඔහුට ත්යාග රාශියක් ලැබුනි.ඔහුගේ ක්රියාව අගය කර කරුණානන්ද මහතාට ජපානයෙන් රැකියාවක්ද ප්රදානය කල අතර,ඔහු ජපානය බලා පිටත් වීමට දිණ කීපයකට පෙර ඔහු අභිරහස් ආකාරයට මරණයට පත් වුනා. මේ පිලිබදව විවිධ මත පල වූ අතර ඔහුව ඝාතනය කල බවට එක් මතයකුත් ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවට තවත් මතයකුත් පල වුනා…
මිනිස් අධිෂ්ඨානයේ මහිමය ගැන පාසල් ළමුන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුල් විය.
Scroll to Top