Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රෝගීන්ගෙන් සාම්පලවල 30% ක් ඩෙල්ටා වෛරසය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන්ගෙන් ලබාගත් සාම්පලවල 30% ක පමණ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි යැයි ද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

අපි මේ දවස් ටිකේ වුණේ නැත්තන් අපි ඉතා අවාසනාවන්ත දින කීපයකට මුහුණ දෙමින් පවතිනවා. විශේෂයෙන් කොවිඩ් රෝගී තත්ත්වයත්, ඩෙංගු රෝගී තත්වයත් 2 ම රට පුරා එකම විදිහට පැතිරගෙන යනවා.

විශේෂයෙන් මතක් කරන්න ඕනේ හොඳ වැක්සින් හොඳ වැක්සින් කිය කිය තමන් කැමති එක එනකන් ඉන්න එපා. හොඳම වැක්සින් එක තමයි මුලින්ම තමන්ට ලැබෙන වැක්සින් එක.

මොකද අපි මාසෙකින් හොඳ වැක්සින් එකක් ගන්න ඉඳලා හෙට රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. ඒක නිසා අද අපට තියන වැක්සින් එකත් තමන්ගේ පළාතේ තමන්ගේ ප්‍රදේශයේ දෙන වැක්සින් එක ලබා ගන්න.

ගෙදර ඉන්න රෝගී පුද්ගලයෝ වෙන්න පුළුවන් වයස්ගත පුද්ගලයෝ වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් රෝගි තත්ත්වයට පත් වුණහොත් ගෙදර බලාගෙන ඉන්න එපා. හැකි ඉක්මනින් රෝහලකට ගෙනල්ලා ඒ ප්‍රතිකාර ලබා ගැනිමට රෝගය තියෙන්නේ මොකක්ද කියලා දැන ගැනීම සඳහා රෝග විනිශ්ච කටයුතු සඳහා යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා

Scroll to Top