පසුගිය කාලය පුරා ශ්‍රී ලාංකේය ජනතාවට ඉමහත් සේවාවක් ඉටුකල 1990 -සුවසැරිය ගිලන් රථ සේවාවට තවත් ගිලන් රථ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය විසින් මේ වෙනුවෙන් රුපියල් මිලියන 60ක් වෙන්කරදීමට යෝජනා කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
දැනට සුවසැරිය සේවාව සතුව පවතින පැරණි ගිලන් රථ වෙනුවට නව ගිලන් රථ ලබාදීමෙන් පසු එම සේවා ඵලදායීතාව තවත් ඉහල නැංවීමට හැකියාව ලැබෙනු ඇතැයි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විශ්වාසය පල කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවති ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ යෝජනාව සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කල බවත් ඊට පූර්ණ අනුමැතිය ලැබුණු බවත් ඒ මහතා පවසයි.