ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ.
තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබා දුන් දැවැන්ත පුද්ගලයා ලෙස රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා හැඳින්විය හැකිය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126ක් පමණි.
සිය මංගල ජාත්‍යන්තර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයට එක් වූ චරිත් අසලංක පන්දු 26 කදී ලකුණු 44 ක් රැස් කිරීමට සමත් වුණා.ඒ, හයේ පහර 3 ක් හතරේ පහර 3 ක් සමගින්.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 26 යි. ලකුණු 22 කට කඩුළු 4 ක් දවා ගත් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.
ඒ අනුව තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.