කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය. ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී.
ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් වුවද වෛරසය දැඩි ලෙස ඔහුගේ පෙනහලු වලට බලපෑම හේතුවෙන් මියගොස් සිටි ඇති බවද වාර්තා වෙයි.
කොරෝනා ආසාදනයෙන් මිය ගිය හේතුවෙන් දේහය පිලිබද අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දිනයේම සිදු කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ප්රමුඛ මෙහෙවරක් ඉටු කළ රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළකර සිටිමු.