Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා මඩින්න NISSAN URVAN එයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් මර්දන හා පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව NISSAN URVAN වර්ගයේ වෑන් රථ 09 ක් පළාත් අතර බෙදාදිම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශයේ දී සිදු කෙරිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Development Bank) මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ලැබුණු මෙම වෑන් රථ වල වටිනාකම රුපියල් ලක්ෂ 900 ක් පමණ වේ.

මෙම වෑන් රථ මධ්‍යම පළාතේ නුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහාත්, උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සදහාත්, ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහාත්, සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සදහාත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය පද්ධති වැඩි දියුණූ කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

විරාජ් අබේසිංහ

 

 

nissan urvan,nissan urvan nv350,nissan urvan price,nissan urvan for sale,nissan urvan 2020,nissan urvan premiumlaankadeepa, lanka c news sinhala, lanka sri news sinhala, news paper sinhala, news sinhala, sinhala news hot, sinhala news today, sri lanka news papers,
news sri lanka in sinhala, goship lanka hot, gossip hiru lanka, gossip lanka cnews, gossiplanka news, gossip lanka c, lanka gossip c news, neth gossips,
news & gossip, Sinhala Breaking News,
Scroll to Top