කළු දිලීරය හේතුවෙන් ඉන්දියාවේ 4,300ක් පමණ මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසති.එය වසංගතයක් බවට පත්වෙතැයි ඔවුන් අනතුරු අඟවයි.
එරට සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ධාවියා පැවසුවේ මේ වනවිට ඉන්දියාවේ එම දිලීරය ආසාදිතව රෝගී වූ 45,374 දෙනෙක් වාර්තා වී ඇති බවය.
මියුකෝමයිකෝසිස් නමින් හැඳින්වෙන එම රෝගය දුර්ලභ මෙන්ම භයානක බව වෛද්‍යවරු පවසති. එම දිලීරය හේතුවෙන් නාසය, ඇස් සහ සමහරවිට මොළයේ ආසාදනයවීම් සිදුවන හඳුනාගෙන ඇත.
කොවිඩ් රෝගයෙන් සුවවී දින 10-12කට පසුව කළු දිලීර ආසාදන තත්ත්වය ඇතිවන බව ට හඳුනාගෙන ඇත.
මේ දිලීරය ඇස උගුර කණ නාසය වගේ තැන්වල අභ්‍යන්තරයේ බොහොම සරුවට හැදෙන දිලීර වර්ගයක්. මේක මොළයට ගිහින් මැරෙන්නත් පුළුවන්. ඒ නිසා හමුවන රෝගීන්ගේ උගුරු කොටස් අයින් කරලා, ඇස් අයින් කරලා ටිකක් වේදනාත්මක සැත්කම් වලින් තමයි ඇතැම් ලෙඩුන්ව බේරාගන්නේ.
මේ කළු දිලීර හඳුනාගන්නේ කන් උගුර සම්බන්ධ රෝග නිසා. තවත් අයට ඇස් වල ඇතුළේ මෙම දිලීර හැදිලා ඇස් පේන්නෙ නැතුව ගියාම තමයි රෝහල් වලට රෝගීන් විදිහට වාර්තා වන්නේ.
මෙය සිරුරේ වෙනත් තැන්වලත් ඇතිවෙන් පුළුවන් වුණත් හිස හා සම්බන්ධ කුහර ආදියේ මෙම දිලීරය වැඩිදුර වර්ධනය වෙනවා සහ එවිට රෝගීන්ට අපහසුතා ඇති වෙනවා වැඩියි.
මේ සඳහා දිනකට ඩොලර් 45ක් වෙන බේත් කෝස් එකක් තියෙනවා. ඒවා ඉන්ජෙක්ෂන් විදිහට දින දහයක් විතර මේ රෝගීන්ට නියම කරනවා. ඒත් ඒ බෙහෙත් මිල වැඩි වීම දුප්පත් ඉන්දියානුවන්ට ප්‍රශ්නයක්.
මේ වගේ රෝග තත්ත්වයක් තවම ලංකාවෙන් නම් වාර්තා වෙලා නැහැ.
news sri lanka in sinhala, goship lanka hot, gossip hiru lanka, gossip lanka cnews, gossiplanka news, gossip lanka c, lanka gossip c news, neth gossips,
news & gossip, Sinhala Breaking News,