හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි ගිනි ගැනිමකින් ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි සම්බන්ධයෙන් කොළඹින් ඩයගමට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 10 ක් තිස්සේ ප්‍රකාශ ලබා ගැනිම සිදු කරනු ලැබුහ.
ඉෂාලිනි පදිංචිව සිටි ඩයගම බටහිර කොටසේ නිවසට (21) දින උදැසන 7.30 ට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායම ඉෂාලිනිගේ මව , පියා , සහෝදරයා සහ ඉෂාලිනිව රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසට රැගෙන ගිය එම වතු යායේ පදිංචි තැරුව්කරුවාගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.
විශේෂ පොලිස් කණ්ඩායමට අමතරව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ ඩයගම පොලිසියද මේ වන විට ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
මියගිය ඉෂාලිනිගේ සහෝදරයෙකු වන තිරුප්රසාද් කියා සිටියේ තම නැගණියගේ මරණය සම්බන්ධයෙන් නිතියෙන් සාධාරණයක් ඉටුවන තුරු තම අරගලය දිගටම සිදු කරන බවයි.
මිය ගිය තම නැගණියගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ විධිමත් කිරිම සදහා සියළු දෙනා දක්වන සහයෝගයට සිය ස්තුතිය පුද කරන බව තිරු ප්‍රසාද් කියා සිටිහ.
හැටන් – රංජිත් රාජපක්ෂ
gossip lanka sinhala news, hikkaduwa, sri jayawardenepura kotte, polonnaruwa, sri lanka gossip, latest news in sri lanka, gossip lanka hot,
lanka cnews, galle sri lanka,