Aboutceylon Online

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව සමගිය හා සාමුහිකත්වය පෙරදැරිව මුස්ලිම් ප්‍රජාව ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය අද  සමරනු ලබයි.

හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, ඉස්ලාමීය දහමේ අවසාන ශාස්තෘවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමන්ගේ ජිවිතාදර්ශය අදටත් අනුගමනය කරන ඉස්ලාමීය අනුගාමික සියලු දෙනා අපේක්ෂා කරන දෙලොව ජයග්‍රහණය සහ දිව්‍යමය සමීපතාව උදාකරගැනීමට මෙම කාලය උපකාරි වනු ඇති බවයි.

සමාජ සාරාර්ථ ශක්තිමත් කර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැගීමට ලබා දෙන දායකත්වය අගය කරන ජනාධිපතිවරයා , එය ලෝක යහපැවැත්වමට සහ අඛණ්ඩතාවයට අත්‍යාවශ්‍ය සාධකයක් බව ද සිය සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙයි.

හජ් උත්සවයට සුබ පැතුම් එක් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ස්ව පරිත්‍යාගයේ වැදගත්කම හජ් උත්සවයෙන් සංකේතවත් වන බවයි.

සමානාත්මතාවය තුළ ගොඩනැගෙන උත්කෘෂ්ට සමාජ සාධාරණත්වය එයින් ගම්‍ය වන බවත්, මෙවන් ව්‍යසනකාරී සමයක එම සමානාත්මතාව අන් කවරදාටත් වඩා දැඩිව දැනෙන බව ද, විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් ය.

infolanka, infolanka news, gossip s, gosssip lanka hot news, gozzip lanka news, lanka c news, sri lanka news,sri lanka time,lanka sri,sri lanka flag,capital of sri lanka,
sri lanka tamil news, ads lanka, lanka hot news gossip, x, xx, sex, nud, xvid, mp3, song
Scroll to Top