Aboutceylon Online

ගුරු දෙයියෝ 15%කින් නම්‍ය වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ.

මාර්ගගත ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාමට තීරණය කර ඇත.

අදාළ සාකච්ඡාව පැය දෙකක් පමණ පැවති අතර තම ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම ඇතුළු රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන සංගමය නායකයන් කියා සිටිති.

තම වැටුප සියයට 15 කින් ඉහළ දමන්නේ නම් දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ග නවතා දැමීම සම්බන්ධයෙන් සලකා බැලීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබේ.

තමන්න් ගේ ඉල්ලීම 30% ක වැටුප් වැඩිවීමක් වූවද අමාත්‍යවරයා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් පමණක් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවද ඔවුන් සඳහන් කරති.

a newspaper, about newspaper, ada news paper, ada newspaper, ada sinhala news, advertise in newspaper, delivery newspaper, divaina, epaper, epaper news,
epaper the news, epaper today, headlines newspaper, i newspaper, in the papers today, newspaper headline today, newspaper near me,
newspaper old, www newspaper,
Scroll to Top