ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට ගොස් ඡායාරුපයක් ගැනිමට ගැනිමට උත්සහ කිරිමේදි දිය ඇල්ලට වැටි අතුරුදහන් වු තලවකැලේ ලිදුල වොල්ට්රිම් වත්තේ ලෙන් තොමස් කොටසේ පදිංචිව සිටි 19 හැවිරිදි මනි පවිත්රා තරුණිය සොයා තුන්වන දිනටත් (21) දින මෙහෙයුම් දියත් කරන බව දිඹුල පොලිසිය පැවසිය.
යුධ හමුදාව , නාවික හමුදාව , නුවරඑලිය පොලිස් කොට්ඨාශ ජිවිත ආරක්ෂක නිලධාරින් සහ ප්රදේශවාසින් එක්ව තරුණිය අතුරුදහන් වු (18) දින සිට මෙහෙයුම් දියත් කල තිබු අතර එම මෙහෙයුමේදි අතුරුදහන් වු තරුණිය සොයා ගැනිමට නොහැකි වු නිසා සොදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කරනු ලැබුහ.
අඩි 297 උස ඇති ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල මට්ටමක පැවතිම සහ පහලට ඇද හැලෙන සැඩ පහරේ වැඩි නිසා අතුරුදහන් වු තරුණිය සොයා සිදු කරන මෙහෙයුම් වලට බාධා පැමිණෙන බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.
අතුරුදහන් වු තරුණිය ඉකුත් (18) දින ඇයගේ යෙහෙලියන් තිදෙනෙකු සමග ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට පැමිණ දිය ඇල්ලට ඉහලින් ගල් තලාව මතට බැස ඇයගේ ඡායාරුපයක් ගන්නා ලෙස යෙහෙලියන්ට පවසා ගල් තලාව මත සිටියදි ඇය ලිස්සා ඩෙවොන් දිය ඇල්ලට ගසාගෙන ගොස් අතුරුදහන් වි ඇත.
අතුරුදහන් වු තරුණිය අවසන්වරට යෙහෙලියන් සමග ඇයගේ දුරකථනයෙන් ලබාගත් සෙල්ෆි ඡායාරුප කිහිපයක්ද මෙසේ සටහන් වි තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ
commercial bank of sri lanka, colombo times, sri lanka news today tamil, personal ads sri lanka, jaya sri lanka net, jaffna news in tamil,