Aboutceylon Online

බූස්ස බන්ධනාගාරයේ කොරෝනා තත්ත්වය තවත් ඉහලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන්  37 දෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණ මගින්  රක්ෂිත බන්ධනාගාරගත කරණු ලබන රැදවියන්  බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය කරණ අතර  පසුගිය (18) වෙනිදා රැඳවියන් පනස් දෙදෙනෙකුට සිදුකරනු ලැබූ  පි.සි.ආර්. පරික්ෂණවල ප්‍රථිපල (20) වන දින ලැබි ඇත.

එම ප්‍රථිපල  අනුව  රැදවියන් 37  දෙනා බූස්ස බන්ධනාගාරයේ ම රඳවා තැබීමට කටයුතු යොදා ඇත  .

කොරෝනා ආසාදිත රැදවියන් 37 දෙනා  සමගම මෙතෙක් බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිත රැඳවියන් ගණන 805 දක්වා වැඩි වී ඇති බව බන්ධනාගාර අධිකාරිය පවසයි .

අක්මීමන – එච්. එම්. සමන්

Scroll to Top