සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුවත් නායක දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ තරගයක් ලබා දෙන ලදි.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් විනි.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කල චාමික චරිත් අසලංක ලකුණු 65ක් රැස්කළ අතර කරුණාරත්න පන්දු 33කදී 4 පහර 5ක් සමග නොදැවී ලකුණු 44ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දීපාක් චහාර් නොදැවී ලකුණු 69ක් රැස්කළ අතර සූරියකුමාර් යාදව් ලකුණු 53ක් රැස්කළේය.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත ඉන්දීය – ශ්‍රි ලංකා එක්දින තරඟාවලිය 2-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්වී ඇත.
sri lankan models, hambantota, sri lanka news today, kandy hotels, lanka truth, sri lanka people, sri lanka ads, today jaffna news,