සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි හා ජාලයන් මෙහෙයවනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොලීසියෙන් වසන් වී දැනට ඩුබායි රටෙහි සැඟව සිටින චරිත් සඳකැළුම් හෙවත් රන් මල්ලි නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් එක් කෝටි තිස් නව ලක්ෂයක මුදලක් කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේ පිහිටි නිෙවසක ගෙවත්තේ වළදමා සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගෙන තිබේ.
ඩුබායිහී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රන් මල්ලී’ නැමැත්තා සම්බන්ධ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාරදීමට පියවර ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනයට ලක් කෙරෙන බවය.
එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ සැඟව සිටින නදුන් චින්තක නොහොත් හරක් කටා නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස මෙම රන් මල්ලි නැමැත්තා කටයුතු කර ඇතැයි ද සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් බව පොලීසිය පැවසීය.
මේ වනවිට ඔහුගේ වත්කම් ළඟ තබා ගෙන සිටින ඥාතීන් සහ හිතවතුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් ඇතැයි ද, පොලීසිය ප්‍රකාශ කළේ ය.
මේ අතර ‘රන් මල්ලි’ නැමැත්තාගේ ඥාතියෙකු පදිංචිව සිටි නිවසක වලලා තිබූ, රුපියල් මිලියන 13.9 ක මුදල් ඊයේ(18) පොලීසිය භාරයට ගනු ලැබිණි.
මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයා ගත් මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ඒවා ද නැතහොත් වෙනත් අයථා මාර්ගයකින් ලැබුණු ඒවාද බව සනාථ කර ගැනීම සඳහා අයථා වත්කම් ලැබීම් පිළිබඳ පොලිස් විමර්ශන කොට්ඨාසය වෙත යොමුකර සොයා බැලීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය පැවසීය.
news sri lanka in sinhala, goship lanka hot, gossip hiru lanka, gossip lanka cnews, gossiplanka news, gossip lanka c, lanka gossip c news, neth gossips,
news & gossip, Sinhala Breaking News,