සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වුණි.
එහිදී නායක දසුන් ශානක ලකුණු 39ක් රැස්කළ අතර චරිත් අසලන්ක ලකුණු 38ක් රැස් කිරීමට සමත්විය.
චාමික කරුණාරත්න පන්දු 35කට ලකුණු 43ක් රැස් කළේය.මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 24කට දැවී ගියේය.
චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර අතර ශ්‍රී ලංකා 9 වැනි කඩුල්ලේ සබදතාව ලකුණු 40කි.
කරුණාරත්න පන්දු 35කින් 6 පහර 2ක් සහ 4 පහරක් ද සමගින් නොදැවී ලකුණු 43ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 4ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ඉෂාන් කිෂාන් ලකුණු 59ක් රැස්කළේය.
ප්‍රිත්වි ෂෝ පන්දු 24 මුහුණදෙමින් ලකුණු 43ක් ලබා ගත්තේය.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.
ceylon today epaper, journey to the center of the earth 2, the island, daily news sri lanka, daily mirror sri lanka, sri lanka news papers sinhala,
ceylon daily news, jaffna news papers uthayan, lanka news paper, sri lanka tamil news papers, places to visit in nuwara eliya,