Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනවසරෙන් මැණික් ගරා වැඩ වරදී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බලපත්‍රයක් නොමැතිව මහවැලි ගග ඉවුරේ අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය බලන්තොට ප්‍රදේශයේ මහවැලි ගග ආසන්නයේ පුද්ගලික ඉඩමක නිතියානුකුලව මැණික් ගැරිම සදහා සැකකරුවන් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් බලපත්‍රයක් ලබාගෙන එම බලපත්‍රයේ සදහන් කොන්දේසි උල්ලංඝනය කරමින් බලපත්‍රයේ සදහන් ඉඩමට ඉහලින් මහවැලි ගගේ ඉවුරේ විශාල වලවල් කපා එම වල තුල වු මැණික් ඉල්ලම් සහිත පස් ගොඩගෙන ඇති බවයි වැටලිම සිදු කල නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්,එම සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැර ඔහුන්ට එරෙහිව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි වැටලිම සිදු කල නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

laankadeepa, lanka c news sinhala, lanka sri news sinhala, news paper sinhala, news sinhala, sinhala news hot, sinhala news today, sri lanka news papers,
news sri lanka in sinhala, goship lanka hot, gossip hiru lanka, gossip lanka cnews, gossiplanka news, gossip lanka c, lanka gossip c news, neth gossips,
news & gossip, Sinhala Breaking News,
Scroll to Top