Aboutceylon Online

නාවලපිටිය නගර සභාවේ පාලන බලය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ පාලන බලය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සතු කර ගැනිමට එම නගර සභාව නියෝජනය කරන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සමත් වි ඇත.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල ජාතික සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජිව මහතාව සභාපති ධුරයෙන් සහ මන්ත්‍රි ධුරයෙන් පසුගිය දා මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරිමෙන් අනතුරුව එම සභාවට සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණය මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම නගර සභා රැස්විම් ශාලවේදි පැවැත්විණ.

නාවලපිටිය නගර සභාව සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 07 , ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 05 , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයෙක් , ස්වාධින එක් මන්ත්‍රිවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයෙකු ඇතුළු මන්ත්‍රිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලන පක්ෂයට සහයෝගය දැක් වු ස්වාධින කණ්ඩායම් මන්ත්‍රිවරයා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක් වු නිසා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ  අමල් ප්‍රියංකර මහතා 5/7 වශයෙන් වැඩ ජන්ද ලබා ගනිමින් සභාපතිවරයා වශයෙන් තොරාපත් කෙරිණ.

නාවලපිටිය නගර සභාවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නව සභාපතිවරයාට සුභ පැතිම සදහා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද නගර සභාව වෙත පැමිණ සුභ පැතුම් එක් කරනු ලැබුහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top