අන්තර් පළාත් අතර ධාවනය කිරිමට පැමිණි රථ වාහන ගණනාවක් ආපසු හරවා යැවිමට ගිනිගත්හේන කළුගල පොලිස් මාර්ග බාධකයේ නිලධාරි කටයුතු කරනු ලැබුහ.
ගිනිගත්හේන කළුගල පොලිස් මාර්ග බාධකය හරහා අත්‍යවශ්‍ය සේවා වාහන වලට සහ අත්‍යවශ්‍ය රාජකාරි සදහා පුද්ගලයන් ගමන් ගන්නා වාහන වලට පලාත් මායිම හරහා ගමන් කිරිමට අවසර ලබාදුන් අතර , එසේ අවසර නොලත් වාහන ගණනාවක් පලාත් මායිම හරහා යැමට පැමිණ වාහන කිහිපියක් ආපසු හරවා යැවිමට එම පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නියැලි සිටින පොලිස් නිලධාරින් කටයුතු කරනු ලැබුහ.
පලාත් මායිම් අතර පොලිස් මුරපොලවල් වල රාජකාරි සදහා අමතර පොලිස් නිලධාරින් ගණනාවක් එක්කර ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ