රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවලින් මහජනතාව වෙත ලබාදෙන සේවාවන් ගැන අදහස් ,යෝජනා හා දුක් ගැනවිලි වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ ජනතාවාදී ක්‍රමවේදයක් ලෙස ක්ෂණික දුරකතන අංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එලිදක්වා තිබේ.
ලෝක බැංකු ණය ප්‍රතිපාදන මත ගොඩනංවා තිබෙන මේ දුරකතන ජාලයට සිංහල,දෙමළ හා ඉංග්‍රීසි යන ඕනෑම බසකින් තොරතුරු ලබාදීමට ,ඇමතීමට හැකියාව පවතී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සේවා , වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ අධීක්ෂණය යටතේ (0717899125 ) මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා (0714398201) ඇතුළු ව්‍යාපෘතියේ සහාය මේ වෙනුවෙන් ලැබී තිබේ.
අදාල පියවර කඩිනමින් ගැනීමත් ,නිසි ලෙස වාර්තා පවත්වා ගනිමින් තොරතුරු ගැන පසු විපරම් කිරීමද මේ ව්‍යාපෘතියේ තවත් සුවිශේෂීතාවයකි.
කරුණාකර 1907 අමතා සිය අදහස්, යෝජනා හා දුක් ගැනවිලි යොමු කිරීමට ජනතාව උනන්දු කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.