විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් එන්නත් සැසදීම සහ මිශ්‍ර කිරීම භායානක ප්‍රවණතාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් මහත්මිය පවසන්නීය.
“එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසදීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සිමීත තොරතුරු ප්‍රමාණයක්. ඒ නිසා විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් 19 එන්නත් සැසදීම හා මිශ්‍ර කිරීම භායානක ප්‍රවණතාවයක්.”
කොවිඩ් -19 එන්නත් මිශ්‍රකර එන්නත්කිරීම භයානක ප්‍රවණතාවයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා කළ ප්‍රකාශයට කැනඩාවේ ඔන්ටාරියෝ පළාත් රජය ප්‍රතිචාර දක්වා තිබේ.
ඔන්ටාරියෝ පළාත් “ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ” (NACI) උපදෙස් මත තමන් දිගටම එන්නත් මිශ්‍රකර ලබාදෙන බව ඔන්ටාරියෝ සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස්ටීන් එලියට්ගේ සන්නිවේදන අධ්යක්ෂ කාර්ලි ලුවී පවසයි.
එක්සත් රාජධානිය, ජර්මනිය විසින් කරන ලද අධ්‍යයනයන් මත පදනම්ව එන්නත් මිශ්‍ර කිරීම ආරක්ෂිත බව නිර්දේශ කර තිබෙන බවත් එන්නත් මිශ්‍රකිරීම ආරක්ෂිත බවත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් නිපදවන බවත් සොයාගෙන තිබෙන බව ලුවී පවසයි