Aboutceylon Online

අන්තර් පළාත් සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද (14) සිට යළි ඇරඹේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අන්තර් පළාත් සීමිත බස් හා දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අද (14) සිට ධාවනය කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ පිරිස් සඳහා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ගමන් කළ හැකි අතර මගීන් සන්තකයේ හැඳුණුම්පත් හෝ අවශ්‍ය ලිපි ලේඛන තිබිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, අද (14) සිට අත්‍යවශ්‍ය කාර්යාල සේවකයින් ප්‍රවාහනය සඳහා අතිරේක දුම්රිය ගමන් වාර 14 ක් ධාවනය කෙරෙන බවයි.

මහනුවර සිට දුම්රිය 2ක්, රඹුක්කන සිට එක් දුම්රියක්, බෙලිඅත්ත සිට එක් දුම්රියක් , ගාල්ලේ සිට එක් දුම්රියක්, මහව සිට එක් දුම්රියක් සහ හලාවත සිට එක් දුම්රියක් ද වශයෙන් කොළඹ බලා පැමිණෙනු ඇති.

සවස් කාලයේ යළි එම දුම්රිය ගමනාන්ත බලා ධාවනය වනු ඇති.

ඉදිරියේදී මගී අවශ්‍යතාව සලකා බලා ක්‍රම ක්‍රමයෙන් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.

Scroll to Top