කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් 24 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මීට පෙර 14 දෙනෙකු හඳුනාගත් බවයි. පසුව රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසී ය.
ඊයේ (12) දිනය තුළ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,488 දෙනෙකු ඊයේ(12) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 276,106ක් දක්වා ඉහළගොස් තිබේ.